යුද සමයේ ඉවත දැමූ උණ්ඩයක් කැපීමට යාමෙන් අයෙක් මරුට

යුද සමයේ ඉවත දැමූ උණ්ඩයක් කැපීමට යාමෙන් පුද්ගලයෙක් මරුට

by Staff Writer . 05-12-2021 | 5:10 PM

COLOMBO (NEWS1ST): යුද සමයේ අතහැර දැමූ උණ්ඩයක් කැපීමට යාමේදී සිදුවූ පිපිරීමකින් පරන්තන් උමයාලපුරම් සෝලි නගර් ප්‍රදේශයේදී තරුණයෙකු මියගොස් දරුවෙකු තුවාල ලබා තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, අද පස්වරු 3.00 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි. තුවාල ලැබූ 15 හැවිරිදි කිලිනොච්චි රෝහලට ඇතුළත් කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.