මුලතිව් මුහුදේ ගිලී පුද්ගලයකු මරුට

මුලතිව් මුහුදේ ගිලී පුද්ගලයක් මරුට, දෙදෙනෙක් අතුරුදන්

by Staff Writer . 05-12-2021 | 7:19 PM

COLOMBO (NEWS1ST):  මුලතිව් මුහුදේ දියනෑමට ගිය තිදෙනෙකු අතුරින් එක් අයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අනෙක් දෙදෙනා අතුරුදන් බවයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, අවුරුදු 26, 27 සහ 28 යන වයස්වල පසුවන වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් විනෝද චාරිකාවක් සඳහා පැමිණ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇතැයි, පොලීසිය පැවසී ය. අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.