ධීවර සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ සේවයෙන් ඉවතට

ධීවර සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ සේවයෙන් ඉවතට

by Staff Writer . 05-12-2021 | 1:32 PM

COLOMBO (NEWS1ST):  ලංකා ධීවර සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා සේවයෙන් ඉවත් කර තිබේ.

ධිවර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා සඳහන් කළේ, ආයතනික කරුණු මත පදනම්ව කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. අදාළ තනතුර සඳහා සුදුසුකම් ලත් අයෙකු මේ වනවිට පත් කර ඇති බව ද ඔහු පැවසී ය. මේ පිළිබඳව ලංකා ධීවර සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත රත්නවීර මහතාගෙන් නිවුස් ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ තමන් ධුරයෙන් ඉවත් කළ බවට මෙතෙක් දැනුම්දීමක් කර නොමැති බවයි.