චීන පොහොර සමාගම බේරුම්කරණයකට මුල පුරයි

චීන පොහොර සමාගම පොළියකුත් සමග වන්දි ඉල්ලා සිංගප්පූරුවේදී බේරුම්කරණයකට මුල පුරයි

by Staff Writer . 05-12-2021 | 9:25 PM

COLOMBO (NEWS1ST):  මතභේදාත්මක කාබනික පොහොර ගණුදෙනුවට සම්බන්ධ චීනයේ චින්ඩාවෝ සීවින්ග් බයෝටෙක් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා සිටී.

සිංගප්පූරුවේ බේරුම්කරණ මධ්‍යස්ථානයක් හරහා චීන පොහොර සමාගම මේ වන්දිය ඉල්ලා ඇත්තේ සිමාසහිත කොළඹ කමර්ෂල් පොහොර සමාගමෙනි. සමාගම යෝජනා කර ඇත්තේ අදාල බේරුම්කරණය සදහා ත්‍රිපුද්ගල මණ්ඩලයක් පත් කරන ලෙසයි. චීනය තමන් හා කළම්බෝ කමර්ෂල් පොහොර සමාගම වෙනුවෙන් දෙදෙනෙකු ඊට ඇතුලත් කරන්නැයි චීන සමාගමේ යෝජනාවයි. කාබනික පොහොර මිලදී ගැනීමට අදාල ගිවිසුම ශ්‍රී ලංකාව විසින් උලලංඝණය කර ඇති බව චීන සමාගමේ තර්කයයි. එම සමාගම විසින් ඉල්ලා සිටින වන්දියට අදාළ පොහොර තොගයේ වටිනාකම හා නැව් ගාස්තුව ඇතුළත් ය. බේරුම්කරණ ක්‍රියාවලිය සඳහ වැය වන සියලු ගාස්තු ද ශ්‍රී ලංකාවෙන් අය කර ගැනීමට ද සිදු වන බව චීන සමාගම පවසයි. අදාළ ඩොලර් මිලියන 8 ක වන්දියට පොළියක් ද ඇතුළත් වේ. මේ අතර චින්දාවෝ සීවින්ග් සමාගම බේරුම්කරණය සඳහා වන නිතීමය ක්‍රියාමාර්ගය ගෑනීම සිංග්ගප්පූරුව වෙත යාම එක් ගිවිසුමක සිදුවූ වරදක් නිසා සිදුවූ වූවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ගිවිසුම් අත්සන් කිරීමට පෙර තමන් අමාත්‍යංශ ලේකම්වරයා වෙත බේරුම්කරණය සඳහා ලංකාවේ කටයුතු කළ යුතු බවට ගිවිසුමේ ඇතුළත්විය යුතු බවට උපදෙස් දුන්න ද එය සිදුව නොමැති බවයි. චීන පොහොර සඳහා ලක් පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම සමග චින්දාවෝ සිවින්ග් සහාගම ගිවිසුම් දෙකක් අත්සන් තබා ඇති අතර බේරුම්කරණය සඳහා සිංගප්පුරුව යොදා ගත යුතු බවට සඳහන්ව ඇත්තේ කොමර්ෂල් පොහොර සමාගම සමග අත්සන් කළ ගිවිසුමේයි. ඒ අනුව චීන කාබනික පොහොර රැගත් හිපෝ ස්පිරිට් නෞකාව, නියැදි ගැනීම සහ බේරුම්කරණය සඳහා මේ වන විටත් සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබේ. කෙසේවෙතත් පවතින තත්ත්වය තුළ සිංගප්පුරුවට යාමට නොහැකි තත්ත්වයක් පවතින බවත් බේරුම්කරණ කටයුතු ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳව හෙට විශේෂ සාකචඡාවක් කැඳවා ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ය. කෘෂිකර්ම අමාත්‍යාංශය නීතිපතිවරයා සමග එකඟතාවයකට පැමිණ තිබුණේ, චීන සමගාම තැන්පත්කර ඇති ඩොලර් මිලියන 5 ක මුදල 08 දක්වා වැඩිජකිරීමටත් නැව ආපසු ගෙනයාමටත් ඉන් පසුව මහජන බැංකුව මගින් නිකුත්කර ණයවර ලිපියේ දැක්වෙන 75% ක මුදල සමාගම වෙත ගෙවීමට කටයුතු කිරීමට බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා චීන පොහොර නැවේ බේරුම්කරණය ගැන මෙලෙස අදහස් පළ කළේ ය.
''පොහොර ගෙනාපු නැවට පොහොර පාඩුව විතරක් නෙමෙයි අද ගෙවන්න සිද්ද වෙනවා ඒගොල්ලෝ දැන් සිංගප්පූරුවට යනවා බේරුම්කරණය සදහා බේරුම්කරන ගාස්තු ගෙවන්න වෙනවා, නඩු දානවා නඩු ගාස්තු ගෙවන්න වෙනවා. අවසානයේ කුණු පොහොර ටිකත් අපිට භාරගෙන ඒ පොහොර ටිකට කරන්න දෙයකුත් නැතුව චීනේ නැව් ගාස්තුවත් ගෙවලා ,ඒ වගේම ගුදම් ගාස්තුවත් ගෙවලා , ප්‍රමාද ගාස්තුත් ගෙවලා , නඩු ගාස්තුත් ගෙවලා , බේරුම්කරණ ගාස්තුත් ගෙවලා අවසානයේ ගොවියන්ට පොහොරත් නැති රටට මහා හෙනපතයක් පාත්වෙන තත්ත්වයක් තමයි ඇති වෙලා තියන්නේ. මේක තමයි ඇත්ත තත්ත්වය''
2009 වර්ෂයේදී ද ඛණිජ තෙල් මිලදී ගැනීමට අදාළ හෙජින් ගිවිසුමක් කඩ කිරීම හේතුවෙන් බේරුම්කරණයකින් අනතුරුව රුපියල් මිලියන ගණනක වන්දියක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදු විය.