කෙසෙල්වත්තේ පවාස් ඝාතනය කෙරේ

කෙසෙල්වත්තේ පවාස් කපා කොටා ඝාතනය කෙරේ

by Staff Writer . 05-12-2021 | 8:43 AM

COLOMBO (NEWS1ST):  කෙසෙල්වත්ත , පරණ යෝන් විදිය ප්‍රදේශයේදී කෙසෙල්වත්තේ පවාස් නමැත්තා ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා ලුහුබැඳ ගොස් තියුණු ආයුධවලින් පහරදී ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනය කර ඇති බවයි. කෙසෙල්වත්තේ පවාස් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධානාගාරගත කර සිට ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.