කින්නියා ඛේදවාචකය: තවත් කාන්තාවක් ජීවිතයෙන් සමුගනී

කින්නියා ඛේදවාචකය: තවත් කාන්තාවක් ජීවිතයෙන් සමුගනී

by Sagarika Chathumali 05-12-2021 | 9:39 AM

COLOMBO (NEWS1ST):  කින්නියා, කුරිඤ්ඤංකර්නි ප්‍රදේශයේ දී පාරුවක් පෙරලීමෙන් රෝහල්ගත කර සිටි 41 හැවිරිදි කාන්තාවක මියගොස් තිබේ.

එම කාන්තාව ද අතුළුව පාරු අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ යනු ඇති. කුරිඤ්ඤංකර්නි කළපුවේ පාරු අනතුරින් රෝහල්ගත කර සිටි 06 හැවිරිදි තවත් දැරියක ද පසුගිය මස 28 වනදා ජීවිතක්ෂයට පත්විය. පසුගිය 23 වනදා උදෑසන 7.00ට පමණ පාලම් පාරුව පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවූ අතර පාසල් දරුවන් සිව් දෙනෙකු ද ඇතුළුව එම අවස්ථාවේ ජීවිත අහිමි වූ සංඛ්‍යාව 6 දෙනෙකි. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 25 ත් 30 ත් අතර පිරිසක් පාරුවේ ගමන් කරමින් සිට තිබූ අතර තුවාල ලැබූ පාසල් දරුවන් ද ඇතුළු තවත් පිරිසක් රෝහල්ගත කෙරිණ. මේ අතර පාරුව පෙරළීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුව කින්නියා නගර සභා සභාපති, පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 1977 වසරේ ඉදිකළ කින්නියා කුරිඤ්ඤන්කර්නි කළපුවේ පාලම කැඩී ගොස් තිබුණේ, මීට අවුරුදු 6 කට පෙරදී ය.