අද (05) දිනයේ විදුලිය කපන්නේ නැහැ - CEB

අද (05) දිනයේ විදුලිය කපන්නේ නැහැ - CEB

by Sagarika Chathumali 05-12-2021 | 2:08 PM

COLOMBO (NEWS1ST):  විදුලි ඉල්ලුම අඩු බැවින් අද (05) දිනයේ විදුලි කපා හැරීමක් නොකරන බව ලංකා විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය  ඊයේ (04) නිවේදනය කළේ ය. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක වනතුරු එලෙස විදුලිය සැපයීම අත්හිටුවීමට සිදුවන බවයි. කෙසේ වෙතත් පැයක උපරිමයකට යටත්ව සිදු කෙරෙන විදුලි කප්පාදුව අද දිනයේ සිදු නොවනු ඇති.