.webp)
නැනෝ නයිට්‍රජන් පොහොර ගනුදෙනුව....
2021 ඔක්තොම්බර් 18 ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු ගොවි පොහොර සමුපකාර සමාගම මෙන් නයිට්‍රජන් නැනෝ යූරියා දියර පොහොර මෙරටට ගෙන්වීමට රජයේ තීරණයක්. 2021 නොවැම්බර් 04 නැනෝ නයිට්‍රජන් දියර පොහොර කිලෝ ග්රැම් 44,773 ක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපළට 2021 නොවැම්බර් 04 නැනෝ නයිට්‍රජන් දියර පොහොර සදහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිති තත්ත්වයක් නිකුත් කර නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියයි. 2021 නොවැම්බර් 07 ඉන්දියාවෙන් ගෙන්වන ලද නැනෝ නයිට්‍රජන් දියර පොහර ගොවිබිම්වලට 2021 නොවැම්බර් 13 ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන දියර පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුවූ බවට අනාවරණයක්. 2021 නොවැම්බර් 18 ඉන්දියාව නැනෝ නයිට්‍රජන් පොහොර ලංකාවට ලබාදී ඇත්තේ විශාල ලාභයක් තබාගනිමින් බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පිළිගනී. 2021 නොවැම්බර් 22 නැනෝ නයිට්‍රජන් පොහොර ගනුදෙනුව වංචාවක් බව පාර්ලිමේන්තුවේදි ජනතා විමුක්ති පෙරමුණ හෙළි කරයි.''යුනයිටඩ් ෆාර්මර්ස් ට්‍රස්ට් ලිමිටඩ් එකවුන්ට්.ඒ කියන්නේ එක්සත් ගොවි අරමුදල සමාගම කියලා සමාගමක්.එක පාරට 18 වෙනිදම පටන් ගන්නවා ලේසි පහසු ගානක් නෙවේ. ඩොලර් මිලියන 1.257 රුපියල් කෝටි විසිනමයක්. විසිනම කෝටි තිස් දෙලක්ෂයක්. විසිනම කෝටි තිස්දෙලක්ෂයක් වෙන අරමුදලක්. පුද්ගලික ගිණුමකට මහජන බැංකුව කොහොමද යොදන්නේ''(මන්ත්‍රී විජිත හේරත් - ප්‍රචාරක ලේකම්)
''මේ නයිට්‍රජන් පොහොර ආනයනය කරන්නේ අපි ඉන්දීය රජයේ සමාගමකින්. මේක ශ්‍රී ලංකා රජයත් ඉන්දීය රජයත් අතර වෙච්ච ගනුදෙනුවක්. එම සමාගම විසින් නම් කරලා තියෙනවා . ලංකාවේ සමාගමක් ඒ සමාගමේ ගිණුමට තමයි මුදල් ගිහිල්ලා තියෙන්නෙ. වංචාවක් වෙලා නැහැ.''(කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ) 2021 නොවැම්බර් 23 ඉන්දියාවෙන් ලැබුණු දියර නයිට්‍රජන් පොහොර ගැන ගොවීන්ගෙන් මැසිවිලි