මහවිලච්චියට අද (04) වෙනස් ම දවසක්...

පොළවත් එක්ක පොර බදිමින්, දුක කියූ මහවිලච්චියට වසන්තය ආ වගයි..

by Staff Writer . 04-12-2021 | 9:45 PM

COLOMBO (NEWS1ST):  මහවිලච්චියට අද (04) වෙනස් දවසක්...

ඒ ගම්මාන 6 ක ජනතාවගේ දිය පවසත් නිවුණු, නැණ පවසත් නිවුණු, නිසාවෙනි. මන්නාරම හන්දිය අවට ගම්මාන පහක පවුල් 600 ක් පමණ දන්න කියන කාලේ ඉඳලා හිටියේ දැඩි පිපාසයකින්. මේ ගම්වල අමාරුම දේ වුණේ, බොන්න පිරිසිදු වතුර ටිකක් සොයාගැනීමයි. පිරිසිදු වතුර ටිකක් වත් සල්ලිවලට ගන්න පුළුවන් වුණේ, කිලෝමීටර ගාණක් ඇවිද ගියොත් පමණයි. ගොවිතැනෙනුයි කුලී වැඩෙනුයි, ජීවිකාව ගෙන යන මේ මිනිස්සු, වතුරවලට සල්ලි හොයන්නෙ කොහොම ද ? පරම්පරා ගණනාවක් හැඬූ කඳුළු එකතු කළා නම්, වැවක් හදන්න තිබුණා. වැවක් තියා වතුර වීදුරුවක් දෙන්නවත්, කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසයි ගම්මු ගම්මැද්දට කිව්වේ. ගම්මැද්ද සමග ජනතාවගේ දුක නිවන්න HNB සමූහයේ the Club එකතුව, ඉදිරිපත්වුණා. අද මහවිලච්චිය මන්නාරම් හන්දිය අවට ගම්වලට පිරිපහදු වතුර ලැබුණා. දැන් නං ඒ මිනිස්ස, ඉර ඔලුවට උඩින් පෑයුවත් බය නෑ, පිපාසය නිවන්න වතුර තියෙනවා. ළමුන් 400ක් ඉගෙනගන්න සාලිය මාලා පාසලේ ළමුන්ට අලුත් ලෝකෙට එන්න පරිගණක විද්‍යාගාරය නවීකරණය කිරීමත් අද ආරම්භ වුණා. එ විතරක් නෙවෙයි දරුවන්ට සනීපාරක්ෂක පහසුකම් සැලසීමත් ආරම්භ කෙරුණෙත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්. පොලවත් එක්ක පොරබඳිමින්, දුකම විතරක් උරුම මේ මිනිස්සුන්ගේ හදවතේ දුක බෙදාගත්තෙත් ගම්මැද්ද එක්ක....