.webp)
1. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරිම.
2. නව තොග නිකුත් කිරිමට පෙර නිසි ප්රමිතය අනුව ගඳ සුවද හඳුනා ගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරිම.
3. නිෂ්පාදන ක්රියාවලියේදී සෑම ගෑස් සිලින්ඩර් 100 කින් එකක්ම පරික්ෂා කර අනු අංක යොදා පාරිභෝගික කටයුතු අධිකාරියට ලබා දීම.
යන කොන්දේසි මත පදනම්ව ගෘහස්ත ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට අවසරදී තිබේ. මෙම කරුණු සපුරා ගැනීම සහ ගුණාත්මකභාවය සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ දැනුවත් කිරිම්වලින් පසු එම කමිටුවේ නිරික්ෂණයෙන් ගෑස් වෙළදපොළට නිකුත් කෙරෙනු ඇති. ඉන් අනතුරුව අදාළ කමිටුව එම සමාගම්වල නිෂ්පාදන ක්රියාවලිය ඕනෑම අවස්ථාවක නිරික්ෂණය කළ හැකි වන පරිදි අදාළ සමාගම් කටයුතු කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන් ය. අදාළ ගෑස් සාම්පල පරික්ෂනාගාර වෙත යොමු කර ඇත්තේ ගෑස් නැව් අධීක්ෂණයට පත් කරන ලද කමිටුවේ ප්රතීතන මණ්ඩලය , ශ්රී ලංකා ප්රමිති ආයතනය , කාර්මික තාක්ෂණ ආයතනය හා පාරිභෝගික කටයුතු අධිකාරියේ අධික්ෂණය යටතේයි.