සන්ෂයින් සුද්දා ඝාතනයට යොදා ගත් ගිනි අවිය සොයා ගනී

සන්ෂයින් සුද්දා ඝාතනයට යොදා ගත් ගිනිඅවිය සොයා ගනී

by Staff Writer . 04-12-2021 | 9:40 AM
COLOMBO (NEWS1ST):  සන්ෂයින් සුද්දා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට වෙඩි තබා ඝාතනය කිරීමට යෙදාගත් බව කියන ටි. 56 ගිනි අවිය සහ උණ්ඩ 19ක් සහිත පතරොම් ගැබ මාතර හේන්වල ප්‍රදේශයේ පාළු ස්ථානයක සඟවා තිබියදී සොයා ගෙන තිබේ. ගිනිඅවිය හා උණ්ඩ තොගය සොයා ගනු ලැබ ඇත්තේ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසිනි. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටින්කරින් ලසන්ත නමැත්තා මෙම ආයුධ සඟවා තබන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. අමිල ප්‍රසංග හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා පසුගිය සැප්තැම්බර් තුන් වැනිදා මිරිස්ස හේන්වල පිහිටි ඔහුගේ අනියම් බිරිඳගේ නිවසට පැමිණ යමින් සිටියදි කොටවිල වරකපිටිය ප්‍රදේශයේදි වෙඩි තබා ඝාතනය කෙරිණ. ඊට සම්බන්ධ ටින්කරින් ලසන්ත නමැත්තා පසුගිය දා අත්අඩංගුවට ගෙන සඟවා තිබූ ආයුධ කිහිපයක් සොයා ගැනීමට කළුතර ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් විය.