ශ්‍රී ලංකා වනිතාභීමාන සබරගමු පළාත් තරගාවලිය

ශ්‍රී ලංකා වනිතාභිමාන සබරගමු පළාත් තරගාවලිය රත්නපුරදී

by Staff Writer . 04-12-2021 | 8:33 PM

COLOMBO (NEWS1ST):  නිවුස් ෆස්ට් - NDB එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා වනිතාභීමාන 2021 තරගාවලියේ සබරගමු පළාත් තරගාවලිය අද රත්නපුරදී පැවැත්විය.

- දැය නගන වනිතා බලගැන්වුම - ශ්‍රී ලංකා වනිතාභිමාන 2021 මෙරට දිරිය කාන්තා ඇගයීම වෙනුවෙන්ම සංවිධානය කළ වැඩසටහනයි. එහි සබරගමු පළාත් තරගය අද පෙරවරුවේ පැවැත්වුණේ රත්නපුර කේතුමති හෝටල් පරිශ්‍රයේදී ය. ඒ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිනි. NDB බැංකුව මෙම වැඩසටහන බලගන්වන අතර සබරගමු පළාත් ජයග්‍රාහකයින් අද පස්වරුවේ ඇගයීමට ලක්කෙරිණ. ඒ ව්‍යවසාය, තරුණ නායිකා, ස්වෙච්ඡා සේවා, අධ්‍යාපන , ක්‍රීඩා , පරිසර කළමනාකරණ ඇතුළු කාණ්ඩ 10 ක් යටතේයි. ප්‍රවීන විනිසුරු මඩුල්ලක් විසින් තෝරා ගනු ලැබු මෙම ජයග්‍රාහකයන් 10 දෙනා ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා වනිතාභිමාන 2021, ජාතික තරගයට සුදුසුකම් ලබයි. මේ අතර වැඩසටහනට සමගාමීව අද දවස පුරා කාන්තා වැඩමුළු , සම්මන්ත්‍රණ ඇතුළු විවිධ වැඩසටහන් රැසක් පැවැත්වුණේ වෘත්තිය පුහුණු අධිකාරියේ ද සහය ඇතිවයි. ශ්‍රී ලංකා වනිතාභිමාන උතුරු පළාත් තරගාවලිය ලබන සෙනසුරාදා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.