අයිස් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

රුපියල් මි. 30ක අයිස් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

by Sagarika Chathumali 04-12-2021 | 7:15 PM

COLOMBO (NEWS1ST):  ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මගියෙකුගේ ගමන් බෑගයක් තුළ කිරිපිටි පෙට්ටිවල සඟවා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකරන පාර්සල් 2 ක් සොයා ගනු ලැබ තිබේ.

රේගුව පවසන්නේ, කිලෝ 1.5 බරැති මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 30කට ආසන්න බවයි. සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි . වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ අත්අඩංගුවට ගන්න ලද මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබා දී තිබේ.