රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

by Staff Writer . 04-12-2021 | 8:16 AM

COLOMBO (NEWS1ST):  ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මියයන විට 57 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා වේදිකාව ,පුංචි තිරය මෙන්ම රිදී තිරය තුළ ද සිය ප්‍රතිභාව ප්‍රකට කළ දක්ෂ රංගන ශිල්පියෙකි. අබුද්දස්ස කෝලම,රාජකපුරු ,රජගහේ නාඩගම,ගුරුතුරුව ,අන්දරේලා ආදී වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ සරත් චන්ද්‍රසිරි මහතා විල් දනව්ව,සිව් මංසල, පබා ,අසනි වැහි ආදී ටෙලි නාට්‍ය රැසක ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ චරිත නිරූපණය කළේ ය.