මනූෂට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලීමක්

මනූෂට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා කථානායකට ලිපියක්

by Staff Writer . 04-12-2021 | 7:55 PM

COLOMBO (NEWS1ST):  මන්ත්‍රී මනූෂ නානායක්කාරට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරු 38 දෙනෙකුගේ අත්සනින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් භාර දී තිබේ.

එම මන්ත්‍රීවරුන් කථානායකවරයා වෙත මෙම ලිපිය යොමු කර ඇත්තේ, ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භයේදී මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් මූලාසනය ලබාදෙන නියෝග පිළි නොගෙන, තර්ජනාත්මකව හැසිරීම සම්බන්ධයෙනි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කර මෙවැනි තත්ත්වය ඉදිරියේදී ඇති නෝවීමට වග බලාගන්නා ලෙස ද මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ.