ජනපති ඉන්දියානු සාගර සමුළුව අමතයි

ජනාධිපතිවරයා ඉන්දියානු සාගර සමුළුව අමතයි

by Staff Writer . 04-12-2021 | 10:31 PM

COLOMBO (NEWS1ST):  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ පස්වන ඉන්දියානු සාගර සමුළුව ඇමතුවේ ය.

සමුළුව පැවැත්වෙන්නේ , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදීයි. පරිසරය , ආර්ථිකය, වසංගතය යන්න තේමා කරගනිමින් මෙවර පස්වන ඉන්දියානු සාගර සමුළුව පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙනි. ජනාධිපතිවරයා සමුළු අමතමින් පැවසුවේ, ලෝක වෙළදාමේ නිෂ්පාදිත ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ සැලකිය යුතු ප්‍රමාණයක වෙළඳාම ඉන්දියන් සාගරය හරහා සිදු වන බවැවින් මුහුදු මාර්ග සන්නිවේදනය සුරක්ෂිතව තබා ගැනීම ඉතාම වැදගත් බවයි. තව ද ඉන්දියන් සාගරය බොහොමයක් අපරාධ සිදුවන කලාපයක් බව සඳහන් ජනාධිපතිවරයා කියා සිටියේ, ඒ සියල්ලක් සඳහා ම පිළිතුරු සෙවිය යුතුව ඇති බවයි.
''පසුගිය වසර කිහිපය ඇතුළත කිහිපය තුළ ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මක වන අපරාධ කල්ලි විසින් ක්‍රියාත්මක කරන හෙරොයින් අයිස් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය රැගත් යාත්‍රා ලංකාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙවැනි සංකීර්ණ අපරාධ කල්ලින් නැවැත්විය හැක්කේ රට රටවල්වල බුද්ධි අංශ , වෙරළාරක්ෂ නිලධාරීන් සහ නාවුක හමුදාවන් එක්ට එක්ව පමණයි. මෙවැනි අපරාධ නැවැත්වීමට කලාපීය වශයෙන් බුද්ධි තොරතුරු හුවමාරුව සහ එකට එක්ව වැඩකිරීම ඉතා වැදගත්. ආගමික අන්තවාදය හා ත්‍රස්තවාදය වැළැක්වීමටත් එලෙසම ක්‍රියාකිරීමටත් වැදගත්''
ඉන්දියානු සාගර කලාපීය සමුළුවේ සමාජිකයෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම සමුළුවට එක්ව සිටී.