by Staff writer 04-12-2021 | 9:53 AM
COLOMBO (NEWS1ST) : විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව විදුලි බල අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සඳහන් කළේ, විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරි ක්‍රියාවක් නොවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
අදාළ විමර්ශනය විශේෂ කණ්ඩායමක මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ය.
කෙසේවෙතත් විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් මත සිදුව ඇතැයි සාධාරණ සැකයක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි ඉහළ කළමනාකාරිත්වය සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුව ඇති බවයි.
මේ අතර තාක්ෂණික දෝෂය නිවරැදි කොට පද්ධතිය යථා තත්ත්වයට පත් කළද ඇතැම් ප්‍රදේශවලට වරින්වර විදුලි සැපයුම සීමා කිරීමට සිදුව ඇති බව විදුලි බල අමාත්‍යාංශය පවසයි.
නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900 ක ධාරිතාව පද්ධතියට නොලැබීම හමුවේ , විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් මේ පියවර ගැනීමට සිදුවන බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය.