රුපියල් මි. 30ක අයිස් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

රුපියල් මි. 30ක අයිස් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

රුපියල් මි. 30ක අයිස් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

04 Dec, 2021 | 7:15 pm

COLOMBO (NEWS1ST):  ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මගියෙකුගේ ගමන් බෑගයක් තුළ කිරිපිටි පෙට්ටිවල සඟවා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකරන පාර්සල් 2 ක් සොයා ගනු ලැබ තිබේ.

රේගුව පවසන්නේ, කිලෝ 1.5 බරැති මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 30කට ආසන්න බවයි.

සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ අත්අඩංගුවට ගන්න ලද මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබා දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]