මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් මරුට..

ත්‍රිකුණාමලය, වාලෙයිතෝට්ටම් මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් මරුට..

by Staff writer 04-12-2021 | 10:02 AM

COLOMBO (NEWS1ST) : ත්‍රිකුණාමලය, ඊච්චලන්පත්තුව , වාලෙයිතෝට්ටම් මුහුදේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ , 11 හැවිරිදි හා 14 හැවිරිදි වාලෙයිතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි ළමුන් දෙදෙනෙකි. ඔවුන් ඊයේ(03) දහවල් කාලයේදී දිය නෑමට ගොස් ඇති අතර එහිදි මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.