රජයේ පොහොර සමාගම් ඒකාබද්ධ කර අලුත් සමාගමක්

රජයේ පොහොර සමාගම් ඒකාබද්ධ කර අලුත් සමාගමක්

by Staff Writer . 03-12-2021 | 9:41 PM

COLOMBO (NEWS1ST):  යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙය වීමෙන් හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

රජයේ පොහොර සමාගම් ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක කිරිම මෙම මධ්‍යස්ථානය පවරා ඇත. ඝන හා දියර කාබනික පොහොර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය සඳහා දිරි ගැන්වීමත් නිසි කලට ගොවීන්ට පොහොර නොමිලේ ලබා දීමත් පැවරෙන්නේ යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානයටයි.