රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් දිවි ගමනට සමුදෙයි..

by Staff Writer . 03-12-2021 | 11:20 AM

COLOMBO (News 1st ) - ප්‍රවීණ වේදීකා හා ටෙලි නාට්‍ය නළුවෙකු වූ සම්පත් තෙන්නකෝන් මහතා අද(03) අලුයම අභාවප්‍රාප්ත විය .

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 61 කි. රෝගී තත්ත්වයක් හේතුවෙන් සම්පත් තෙන්නකෝන් මහතා කෙටිකලක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය . වේදිකා නාට්‍ය නළුවෙකු ලෙස කලා ලොවට පිවිසි තෙන්නකොන් මහතා රඟපා ඇති වේදිකා නාට්‍ය සංඛ්‍යාව 50 කට අධිකය මීට අමතරව ටෙලි නාට්‍ය රැසකටද ඔහු රංගනයෙන් දායක විය.