ලිට්රෝ සමාගමට ගෑස් ගෙනා නැවකින් සාම්පල ගනී...

ගෑස් නැවකින් සාම්පල ගනී... ප්‍රතිඵල එන තුරු ගොඩබෑමට අවසර නැහැ

by Sagarika Chathumali 03-12-2021 | 10:13 AM

COLOMBO (NEWS1ST):  ලිට්රෝ සමාගම සඳහා ගෑස් රැගෙන ආ නැවකින් සාම්පල 02ක් පරීක්ෂණ සඳහා ලබාගත් බව ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රතිඵල ලැබෙන තෙක් ගෑස් ගොඩබෑමට අවසර නොමැති බවයි. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෙළඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය අද උදෑසන නිවේදනය කළේ ය. එම අමාත්‍යාංශය සඳහන් කළේ, නැවත දැනුම් දෙන තුරු වෙළඳපොළට ගෑස් නිකුත් නොකරන බවයි.