ඇතැම් ප්‍රදේශවලට වරින්වර විදුලි සැපයුම සීමා කෙරේ

ඇතැම් ප්‍රදේශවලට වරින්වර විදුලි සැපයුම සීමා කෙරේ...- විදුලි බල අමාත්‍යාංශය

by Staff Writer . 03-12-2021 | 7:24 PM

COLOMBO (NEWS1ST): තාක්ෂණික දෝෂය නිවරැදි කොට පද්ධතිය යථා තත්ත්වයට පත් කළ ද ඇතැම් ප්‍රදේශවලට වරින්වර විදුලි සැපයුම සීමා කිරිමට සිදුව ඇති බව විදුලි බල අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900 ක ධාරිතාව පද්ධතියට නොලැබීම හමුවේ විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් මේ පියවර ගැනීමට සිදුවන බවයි.