කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්: මිකී ආතර්ට අමතක නොවන සමුගැනීමක්..

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්: මිකී ආතර්ට අමතක නොවන සමුගැනීමක්..

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්: මිකී ආතර්ට අමතක නොවන සමුගැනීමක්..

කර්තෘ Staff Writer .

03 Dec, 2021 | 6:19 pm

COLOMBO (News 1st) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) ජය ගත්තේය .

ඒ, දෙරට අතර පැවති, දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 164 කින් ජය ගනිමිනි .

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී රැස් කළ ලකුණු 204 ට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 253 ක් රැස් කළේ ය .

අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලකුණු 345 ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වීමට තීරණය කළේ ය .

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 155 .

ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 297 ක ඉලක්කයක් හිමි වූ අතර කොදෙව් කණ්ඩායමට සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 132 ක් පමණි.

එන්කෘමා බොනර් ලකුණු 44 ක් රැස් කළේ ය .

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 බැගින් දවා ගැනීම විශේෂත්වයකි.

මෙම තරගය මිකී ආතර් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරගයයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]