ආසියානු යොවුන් පැරා උළෙලේදී මෙරටට පදක්කම් 4 ක්

ආසියානු යොවුන් පැරා උළෙලේදී මෙරටට පදක්කම් 4 ක්

ආසියානු යොවුන් පැරා උළෙලේදී මෙරටට පදක්කම් 4 ක්

කර්තෘ Nadeeshan Meedin

03 Dec, 2021 | 10:07 pm

COLOMBO (NEWS1ST):  ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල බහරේන්හිදී අද ආරම්භ විය.

එහිදී මලල ක්‍රීඩාවෙන් පදක්කම් දෙකක් හා පිහිණුම් ක්‍රීඩාවෙන් පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ගේට්වේ විද්‍යාලයේ ජේසන් ජයවර්ධන F40 කාණ්ඩයේ යගුලිය විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම හිමි කරගත්තේ ය.

ජේසන් වයස 17 න් පහළ කාණ්ඩයේ ක්‍රීඩකයෙකු වුව ද අද තරග වැදුණේ, වයස 20න් පහළ කාණ්ඩයෙනි.

කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ජනනී වික්‍රමසිංහ, බහරේන්හි පැවැත්වෙන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තා ය.

ඇය වයස අවුරුදු 17 න් පහළ ක්‍රීඩිකාවක වූව ද, තරග වැදුණේ වයස අවුරුදු 20 න් පහළ වයස් කාණ්ඩයේයි.

ටී 47 වයස් කාණ්ඩයේ මීටර් 200 කාන්තා ඉසව්වෙන් ඇය දැක්වූ දක්ෂතාව තත්ත්පර 29.36 කි.

තරගය ජයගත්, ජපාන හා තායිලන්ත ක්‍රීඩිකාවන් වයස 20 න් පහළ කාණ්ඩයේ ක්‍රීඩිකාවන්වීම විශේෂත්වයකි.

පිහිණුම් ඉසව්වෙන් පදක්කම් දෙකක්..

යාපා බණ්ඩාර, කාන්තා S6-10 කාණ්ඩයේ මීටර් 400 කාන්තා නිදහස්ආර පිහිණුම් ඉසව්වේ රන් පදක්කම හිමිකරගත්තා ය.

එම කාණ්ඩයේ පිරිමි ඉසව්වෙන් නවීඩ් රෂීන් ⁣ලෝකඩ පදක්කම හිමිකරගත්තේ ය.

අද ලෝක ආබාධිතයන්ගේ දිනය වන අතර, ආබාධ තවදුරටත් බාධාවක් නොවන බව ඒත්තු ගැන්වීමට මෙම දරු දැරියන් සමත් වීම පැසසිය යුතු ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]