BOI අධ්‍යක්ෂ මණ්ඩලයේ පිරිසක් ඉල්ලා අස්වෙයි

BOI අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් ඉල්ලා අස්වෙයි

by Staff Writer . 02-12-2021 | 9:02 PM

COLOMBO (NEWS1ST) :  ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ආයෝජන මණ්ඩලය පැවසුවේ, නිසි තනතුරුවලට නිසි පුද්ගලයින් පත් නොකිරීම මේ තත්ත්වයට හේතු වූ බවයි. මේ අතර තමන් මෙම තනතුරු භාර ගත්තේ ජනාධිපතිවරයාගේ දැක්ම අනුව බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු තවත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු සඳහන් කරයි.