.webp)
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අදහස් පළ කරමින් කියා සිටියේ, වරාය ඉදි කිරීම සඳහා ගත් ණය මුදල අදටත් වරාය අධිකාරිය හරහා ගෙවාගෙන යන බවයි.''හිටපු අගමැතිතුමාට වැරදුණා. අවුරුදු 70 ක් නෙවෙයි. අවුරුදු 99 කට ඔබතුමා කියන විදියට මේ මේ එක රැයකින් ආපසු ගිවිසුම් ඉරන්න පුළුවන් නම්, ඉතාම හොඳයි ඒක කරගන්න බෑ. හිටපු අගමැතිතුමනි හිටපු අගමැතිතුමාට ඔ්ක හරි සුළු ප්‍රශ්නයක් ඔ්ක විකුණලා ඔ්ක ආපහු ගන්න බැරියැයි වෙලාවට ආණ්ඩුව ගියේ නැත්නම් ලංකාවම විකුණනවා''
මීට අමතරව මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ද විවාදයට එක්වූ අතර මන්ත්‍රීවරයා වරාය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, කොමිසමක් පිහිටුවා හෝ මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.''මේ වැරදි ගනුදෙනු කරපු හාදයෝ, මහ බැංකුව කොල්ල කාපු හාදයො අද බාබාල වගේ කතා කරන කොට තමයි දැවැන්ත කනගාටුවක් ඇති වෙන්නෙ''