අයථා ලෙස මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

නීති විරෝධී ක්‍රම මගින් මෙරටට මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර - මහ බැංකු අධිපති

by Staff Writer . 02-12-2021 | 10:00 AM

COLOMBO (News 1st ) - නීති විරෝධී ක්‍රම මගින් මෙරටට මුදල් එවන හා බෙදා හරින්නන්ගේ බැංකු ගිණුම් වහාම අත්හිටුවන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ ය .

මහබැංකුව සියලුම සංක්‍රමණික විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ඉපයීම් ආපසු ගෙන්වා ගැනීම සඳහා නිත්‍යානුකුල මාර්ග පමණක් භාවිත කරන ලෙසය. මේ අතර මේ මාසය තුළ පිටරට සිට එවන සෑම ඩොලරයකමට රුපියල් 10 ක අමතර දිරි දීමනාවක් ලබා දීමට මහබැංකුව පියවර ගෙන තිබේ .