තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් දිවයිනට

by Staff Writer . 02-12-2021 | 2:29 PM

COLOMBO (NEWS1ST) : තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 15 ලක්ෂ 3450 ක් අද (02) අලුයම දිවයිනට රැගෙන එනු ලැබී ය.

ඒ ඩුබායි සිට මෙරටට ළඟා වූ ගුවන් යානයකිනි. ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව ඇණවුම් කළ එන්නත් තොගයක් එලෙස රැගෙන ආ බවයි. එම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යංශයේ මධ්‍යම ඖෂධ ගබඩාවට රැගෙන ගිය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසී ය.