චීන සත්කාරක ටෙනිස් තරගාවලි අවලංගු කෙරේ

චීන සත්කාරකත්වය ඇති සියලු ජාත්‍යන්තර ටෙනිස් තරගාවලි අවලංගු කෙරේ

by Staff Writer . 02-12-2021 | 9:53 AM

COLOMBO (News 1st) - චීනයේ සත්කාරකත්වයෙන් පවත්වන සියලුම ජාත්‍යන්තර ටෙනිස් තරගාවලි වහාම ක්‍රියාත්මක වන ලෙස අවලංගු කළ බව කාන්තා ටෙනිස් සංගමය හෙවත් W.T.A. සඳහන් කළේ ය .

චීන ටෙනිස් ක්‍රීඩිකා පෙන්ග් ෂුආයි, සිදු කළ කැළඹිලි සහගත ප්‍රකාශයකින් අනතුරුව ඇය අතුරුදන් වීම නිසා, කාන්තා ටෙනිස් සංගමය මෙම තීරණයට එලැඹ ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් කළේ ය