චීනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලි ව්‍යාපෘති අත්හරී

by Staff Writer . 02-12-2021 | 4:52 PM

COLOMBO (NEWS1ST) : උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට චීනය තීරණය කර තිබේ.

චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වන්නේ තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බවයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමූ චීන සමාගම මාලදිවයිනේ දූපත් 12 ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා එරට රජය සමග පසුගිය 29 වැනිදා ගිවිසුම් අත්සන් කර තිබේ. උතුරු පළාතේ ඩෙල්ෆ් , අනලතිව් සහ නයිනතිව් දූපත්වල මෙම විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට චීන සමාගම සුදානමින් සිටියේ ය. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී තිබූ අතර ඉන්දියාව අවස්ථා කිහිපයකදීම මෙම චීන ව්‍යාපෘති පිළිබඳව විමසිල්ලෙන් පසුවන බව ප්‍රකාශ කළේ ය. උතුරේ දූපත් 03 ක විදුලි ව්‍යාපෘති අත්හිටුවන බව චීනය මෙලෙස නිවේදනය කළේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටින අතරවාරයේයි.