by Staff Writer . 02-12-2021 | 7:56 PM
COLOMBO (NEWS1ST) : ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදත් එරට ඉහළ පෙළේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා කර තිබේ.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය, විදේශ කටයුතු අමත්‍ය එස්.ජෙයශංකර් සහ ඛණිජ තෙල් හා ස්වභාවික වායුන් අමාත්‍ය හර්දීප් සිංග් පූරි මහතා ද හමුවී සාකච්ඡා පවත්වා ඇත.
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා හමුවී තිබුණේ, අද පස්වරුවේයි.
මුදල් අමාත්‍යවරයා ඊයේ දිනයේත් ඉන්දිය මුදල් අමාත්‍යවරිය හමුවී සාකච්ඡා කර තිබුණි.