ඔමික්‍රෝන් ප්‍රභේදය ඇමරිකාවටත්

අමෙරිකාවෙන් පළමු ඔමික්‍රෝන් කොවිඩ් ආසාදිතයා වාර්තා වෙයි

by Staff Writer . 02-12-2021 | 9:01 AM

COLOMBO (NEWS1ST) :  දකුණු අප්‍රිකාව තුළ ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක අමෙරිකාව සිය පළමු ඔමික්‍රෝන් කොවිඩ් ආසාදිතයා හඳුනාගෙන තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ කැලිෆෝනියාවේදී හඳුනා ගැනුණු මෙම ආසාදිතයා පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටි පුද්ගලයෙකු බවයි. ඔහු දකුණු අප්‍රිකාවේ සංචාරය කර පසුගිය නොවැම්බර් 22 වැනිදා නැවත සිය රටට පැමිණ ඇතැයි වාර්තා වේ. ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ දින 7 ක කාලයකට පසුවයි.