වෙලාවට ආණ්ඩුව ගියේ නැත්නම් ලංකාවම විකුණනවා.. – රෝහිත

වෙලාවට ආණ්ඩුව ගියේ නැත්නම් ලංකාවම විකුණනවා.. – රෝහිත

වෙලාවට ආණ්ඩුව ගියේ නැත්නම් ලංකාවම විකුණනවා.. – රෝහිත

කර්තෘ Staff Writer .

02 Dec, 2021 | 10:09 pm

COLOMBO (NEWS1ST):  හම්බන්තොට වරාය චීනයට බදු දීමේ ගිවිසුම ගැන අද (02) පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවිය.

ඒ වරාය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේදී ය.

සමගි ජන බලවේග මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ, හම්බන්තොට වරාය විකුණා දැමීමට ගත් තීරණය තමන් අනුමත නොකරන බවයි.

එහිදී නැගී සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, වරාය විකිණීමක් සිදු නොවූ බවත් අවුරුදු 70 ක ගිවිසුමකට පමණක් එළැඹ ඇති බවත් ය.

ඔ්නෑම අවස්ථාවක වන්දි මුදලක් ගෙවා එම ගිවිසුම අහෝසි කළ හැකි බව ද  රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේ ය.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විවාදයට එක්වෙමින්  හිටපු අගමැතිවරයාට මෙලෙස පිළිතුරු දුන්නේ ය.

”හිටපු අගමැතිතුමාට වැරදුණා. අවුරුදු 70 ක් නෙවෙයි. අවුරුදු 99 කට ඔබතුමා කියන විදියට මේ මේ එක රැයකින් ආපසු ගිවිසුම් ඉරන්න පුළුවන් නම්, ඉතාම හොඳයි ඒක කරගන්න බෑ. හිටපු අගමැතිතුමනි හිටපු අගමැතිතුමාට ඔ්ක හරි සුළු ප්‍රශ්නයක් ඔ්ක විකුණලා ඔ්ක ආපහු ගන්න බැරියැයි වෙලාවට ආණ්ඩුව ගියේ නැත්නම් ලංකාවම විකුණනවා”

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අදහස් පළ කරමින් කියා සිටියේ, වරාය ඉදි කිරීම සඳහා ගත් ණය මුදල අදටත් වරාය අධිකාරිය හරහා ගෙවාගෙන යන බවයි.

”මේ වැරදි ගනුදෙනු කරපු හාදයෝ, මහ බැංකුව කොල්ල කාපු හාදයො අද බාබාල වගේ කතා කරන කොට තමයි දැවැන්ත කනගාටුවක් ඇති වෙන්නෙ”

මීට අමතරව මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ද විවාදයට එක්වූ අතර මන්ත්‍රීවරයා වරාය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, කොමිසමක් පිහිටුවා හෝ මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]