ඉන්දියාවෙන් පළමු වරට නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වෙයි

ඉන්දියාවෙන් පළමු වරට නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වෙයි

ඉන්දියාවෙන් පළමු වරට නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වෙයි

කර්තෘ Sagarika Chathumali

02 Dec, 2021 | 5:55 pm

COLOMBO (NEWS1ST) :  ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අසාදිතයින් දෙදෙනකු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන් හඳුනා ගෙන තිබේ.

මෙලෙස නව වෛරසය ආසාදිත බවට හඳුනා ගෙන ඇත්තේ, අවුරුදු 66 සහ 46 යන වයස්වල පසුවන විදෙස්ගතව සිට පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

ඉන්දියාවෙන් ඔමික්‍රෝන් වෛරස අසාදිතයින් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පවසන්නේ, මේ වනවිට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ගේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටින බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]