අපේ ගෙවල්වලත් ගෑස් තියෙන්නෙ අපි ඔක්කොම බය වෙලා ඉන්නෙ – ජොන්ස්ටන්

අපේ ගෙවල්වලත් ගෑස් තියෙන්නෙ අපි ඔක්කොම බය වෙලා ඉන්නෙ – ජොන්ස්ටන්

කර්තෘ Sagarika Chathumali

02 Dec, 2021 | 3:16 pm

COLOMBO (NEWS1ST) : ගෑස් ආශ්‍රිත සිදුවීම් පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද නැතිනම්, සත්‍ය ලෙස ම සිදුවන්නක් ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුව ඇතැයි, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (02) ජා-ඇලදී අමාත්‍යවරයා කියා සිටියේ, ජනතාව පමණක් නොව තමන් ඇතුළු දේශපාලනඥයින් ද මෙනිසා බියෙන් පසුවන බවයි.

මේ අතර මෙවැනි දේ වෙනත් පක්ෂවලට ද සිදු කළ හැකි බව අමාත්‍යවරා කියා සිටියේ ය.

”ජනතාව විතරක් නෙමෙයි. අපි ඔක්කොම බය වෙලා ඉන්නෙ, ඒක අලුත් දෙයක් නෙමෙයි නේ අපේ ගෙවල්වලත් ගෑස් තියෙන්නෙ, ඉතින් මුළු මහත් රට ම ලොකු ප්‍රශ්නයක.. ග්‍රීස් යකෙකුත් හිටියා ඉතිහාසෙ, ඒ නිසා මේ වගේ දේවල් වෙන වෙන පක්ෂවලටත් කරන්න පුළුවන්”

තව ද මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව කැඳවා ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන් කළ අමාත්‍යරවයා කියා සිටියේ, ජනාධිපතිවරයා පත් කරනු ලැබූ කමිටුවේ ද වාර්තාව ලැබෙන තුරු බලා සිටින බවයි.

ගෑස් ආශ්‍රිත ගිනිගැනීම හා පිපිරීම්වලට අදාළ සත්‍ය ඉදිරියේදී හෙළිවනු ඇති බව ත් ඒ අනුව ඉදිරියේදී වැරදිකරුවන්ට නීතිය මගින් දඬුවම් විඳීමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]