හදිසියක් නම් දැනුම් දෙන්න.. ලිට්රෝ සමාගමෙන් අංකයක්

හදිසියක් නම් දැනුම් දෙන්න.... ලිට්රෝ සමාගමෙන් අංකයක්

by Staff Writer . 01-12-2021 | 8:46 AM

COLOMBO (NEWS1ST) : හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබා දීමට ලිට්රෝ ගෑස් සමාගම දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

1311 එම දුරකථන අංකයයි. මේ අතර එම සමාගම පාරිභෝගිකයන් වෙත නව මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර ඇති අතර එම මාර්ගොප්දේශ මාලාවා ලිට්රෝ සමාගමේ නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. මේ අතර ඊයේ (30) රාත්‍රියේදීත් දිවයිනේ ස්ථාන කිහිපයකින් ගෑස් කාන්දු වී පිපිරීම් කිහිපයක් වාර්තා විය. ඉන් එක් සිදුවීමක් ගිරිඋල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබූ අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොැමැත. පානදුර, එළුවිල , සම්සුදීන් මාවතේ ද නිවසක ද ඊයේ රාත්‍රියේ ගෑස් කාන්දුවී පිපිරීමක් සිදුව තිබේ.