විදුලි ඉංජිනේරුවරු පැය 8 න් බාහිර හදිසි බිඳ වැටීම් සේවාවලින් ඉවත් වෙති

by Staff Writer . 01-12-2021 | 3:51 PM

COLOMBO (NEWS1ST)  පැය 8 සේවා කාලයෙන් බාහිරව හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වය⁣ට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව, ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා මේ බව සදහන් කළේ, අද පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ වනවිට අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින අතර අද (01) සිට අකුරට වැඩ කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මකයි. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 25 වැනිදා දහවල් 12 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ පහත සඳහන්  ඉල්ලීම් 06 ක් මුල් කරගනිමිනි. ?අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රෙස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම. ?දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම. ?විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම. ?1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම. ?සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම.. ?ජ්‍යෙෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම.