බස් ගාස්තු ත් වැඩි වෙයි ද?

බස් ගාස්තු ත් වැඩි වෙයි ද?

by Staff Writer . 01-12-2021 | 7:53 PM

COLOMBO (NEWS1ST) : පෞද්ගලික බස් රථ හිමියන් ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටී.

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු බවයි. ඔහු කියා සිටියේ,  ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් ඒ සඳහා වන යෝජනාව ලබන සතියේ යොමු කරන බවයි. තව ද අවම ගාස්තුව රුපියල් 20 ක් හෝ විය යුතුය යන්න, සිය සංගමයේ යෝජනාව  වන බව ද සභාපතිවරයා පවසයි.
''අකමැත්තෙන් වුවත් තීරණය කළා. ජනවාරි පළවෙනිදා සිට බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අපි ලබන සතියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් අපි යොමු කරනවා. බොහෝ දුරට අවම ගාස්තුව රුපියල් 20ක් වත් විය යුතුයි කියලා තමයි අපේ යෝජනාව''