නි. චීන තානාපති අගමැති හමුවෙයි

නි. චීන තානාපති හූ වෙයි අගමැති හමුවෙයි

by Staff Writer . 01-12-2021 | 8:16 PM

COLOMBO (NEWS1ST) :  ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති හූ වෙයි මහතා අද (01) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

අග්‍රමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයක සඳහන් වූයේ වසංගතය හේතුවෙන් මුහුණ දෙන ආර්ථික, දේශපාලන සහ ගෝලීය අභියෝග පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ උපාය මාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසක්ද ඊට සහභාගිවී තිබේ.