නවක මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි

by Sagarika Chathumali 01-12-2021 | 10:16 AM

COLOMBO (NEWS1ST) :  මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ  මන්ත්‍රී ධුරය සඳහා මංජු ලලිත් වර්ණකුමාර අද (01)  පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේ ය.

මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළේ, මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මංජු ලලිත් වර්ණ කුමාර තෝරා පත් කර ගත් බවයි. පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ලලිත් කුමාර මහතා මනාප ඡන්ද 46,361 ක් ලබාගෙන තිබුණි. ඔහු පොදුජන පෙරමුණේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා ද වේ. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා පසුගිය 25 වනදා මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය.