දෙවන ටෙස්ට් සටන පන්දු යවන්නන්ගේ පාරාදීසයක් වෙයි..

දෙවන ටෙස්ට් සටන පන්දු යවන්නන්ගේ පාරාදීසයක් වෙයි..

by Staff Writer . 01-12-2021 | 11:36 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.

දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුළු 2 ක් දැවී ලකුණු 46 ක් රැස් කර ගෙන සිටියේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 204 ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 253 කි. නායක ක්‍රෙයිග් බ්‍රත්වෙයිට් ලකුණු 72 ක් රැස් කළ අතර ජර්මෙයින් බ්ලැක්වුඩ් ලකුණු 44 යි. ටෙස්ට් පිටියේ සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ, රමේෂ් මෙන්ඩිස් ලකුණු 70 කට කඩුළු 6 ක් දවා ගත්තේය. අනතුරුව දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුළු 2 ලකුණු 39 කදී බිඳ වැටුණි. දිමුත් කරුණාරත්න ලකුණු 6 කට සහ ඕෂද ප්‍රනාන්දු ලකුණු 14 කට දුවද්දී දැවී යාම්වලට හසු වීම විශේෂත්වයකි. තරගයේ තුන්වැනි දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටින පැතුම් නිස්සංක ලකුණු 21 ක් සහ චරිත් අසලංක ලකුණු 4 ක් රැස් කර ගෙන සිටියේය.