''මං දන්නවා මේ අනතුරේ භයානකකම'' - ගීතා

ගෙදර පුපුරණ ගෑස් ගැන මන්ත්‍රිනී ගීතාගේ අත්දැකීම...

by Staff Writer . 01-12-2021 | 9:46 PM

COLOMBO (NEWS1ST) :  ගෑස් ආශ්‍රිත අනතුරු සම්බන්ධයෙන් තමන්ට ද ඉතා භයංකර අත්දැකීමක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේ ය.

මේ දිනවල නොයෙකුත් ස්ථානවලින් ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඇය පැවසුවේ, මෙම සිදුවීම්වල ඇත්ත නැත්ත රටට හෙළි කිරීම ආණ්ඩුවේ වකගීම බවයි.
''ඇයි මම අද මෙහෙම කතා කරන්නේ. 2017දී ගෑස් සිලින්ඩරයක් ලීක් වෙලා මගේ ගෙදර උඩ තට්ටුවේ තියන පැන්ට්‍රි එක , මුළු ගෙයින් බාගයක්, සුනුවිසුණු වෙලා ගිහිල්ලා, මගේ ජීවිතේ විශාල අනතුරකට පත් වෙලා , මම අතිශයින් බිහිසුණු ඒ වගේම ඉතාම භයංකර තත්ත්වෙකට පත්වෙච්ච කෙනෙක්. මම දන්නවා මේ භයානක අනතුරේ තියන භයානකකම''
ජනතාවට බියෙන් ජීවිත් විය නොහැකි බව සඳහන් කළ මන්ත්‍රීවරිය අවධාරණය කර සිටියේ, ගෑස් සිලින්ඩර් ආශ්‍රිත මෙම සිදුවීම් හේතුවෙන් කිසිවෙකු හෝ තුවාල ලැබුව හොත් හෝ ජීවිතක්ෂයට පත්වුව හොත් ගෑස් සමාගම් අනිවර්යයෙන් වග කිව යුතු බවයි.
''හැම තැනම මේක බලාගෙන ඉද්දි වෙනවා. කමිටි එකක් දැම්මා, හැබැයි මේවා පුළුවන්තරම් ඉක්මන් කරන්න ඕනේ, ඉක්මන් කරන්න ඕනේ. කම්පනි එකේ ප්‍රශ්නයක් තියනවා නම් ,මේක පිරවීමේදී සිදුවූ දෝෂයක් නම් තියන ඒවා ටික ආපහු අරගෙන අලුත් ඒවා දෙන්න ඕනේ''