ගෑස් සිලින්ඩර් ගිනි ගැනීම්:විමර්ශන කමිටුව රැස්වෙයි

ගෑස් සිලින්ඩර් ගිනි ගැනීම් විමර්ශනයට පත් කළ ජනපති කමිටුව රැස්වෙයි

by Staff Writer . 01-12-2021 | 3:12 PM

COLOMBO (NEWS1ST) :  ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී රැස්වී තිබේ.

එම කමිටුවේ සාමාජිකයෙකු සඳහන් කළේ, කමිටු වාර්තාව සති දෙකක් තුළ ජනාධිපතිවරයාට භාර දීමට නියමිත බවයි. ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ, සභාපතිවරයා වන්නේ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතායි.

*

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්,

*

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්

*

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටබ්ලිව්.ඩී.ඩබ්ලිව් ජයතිලක

*

මහාචාර්ය ප්‍රදීප් ජයවීර

*

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු

*

කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි

*

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.