ඇමති බැසිල් ඉන්දියාවේ සංචාරයක...

ඇමති බැසිල් ඉන්දියාවේ සංචාරයක...

by Sagarika Chathumali 01-12-2021 | 7:07 AM

COLOMBO (NEWS1ST) : මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන්දියාව බලා පිටත්ව ගිය මුදල් අමාත්‍යවරයා එරට නව දිල්ලි අගනුවර වෙත ළඟා වී ඇති බවයි. එරටට ළඟා වූ මුදල් අමාත්‍යවරයා පිළිගනු ලැබ ඇත්තේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසිනි. බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින 2 ක තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හා එරට ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවීමට නියමිත ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත් කිරීමෙන් පසු ඔහුගේ පළමු විදෙස් සංචාරය මෙය වේ.