by Staff writer 30-11-2021 | 4:01 PM
COLOMBO (NEWS1ST) : මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මංජු ලලිත් වර්ණ කුමාර තෝරා පත් කර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.