ව්‍යාජ ලේඛනවලින් රට යන්න ගිය 2 ක් කොටු..

ව්‍යාජ ලේඛන සකසා රට යන්න ගිය දෙදෙනෙකු CID අත්අඩංගුවට..

by Staff writer 30-11-2021 | 1:49 PM

COLOMBO (NEWS1ST) : ව්‍යාජ ලේඛන සකසා විදේශ ගතවීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඔවුන් නැව්ගත වීම සඳහා ඉරානය බලා යාමට සූදානම් ව ඇති බවය. ව්‍යාජ ලෙස සකස් කළ හොන්ඩියුරාස් රාජ්‍යයේ නැව්ගත වීමේ බලපත්‍රයක් එක් පුද්ගලයෙකු සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගනු ලැබ තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් සහ යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.