මියන්මාරයෙන් සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

by Staff writer 30-11-2021 | 1:45 PM

COLOMBO (NEWS1ST) : මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගන යාම වෙනුවෙන් මෙම සහල් තොගය ආනයනය කරන බව සඳහන් ය. ඒ අනුව රජයේ වාණිජ නීතිගත සංස්ථාව හරහා මෙම සහල් තොගය ආනයනය කිරීමට නියමිතය. මේ පිළිබදව අද(30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවෙදී අනාවරණය කෙරිණ.