බස්නාහිර පුරන් කුඹුුරු අක්කර 80,000ක්..

බස්නාහිර පුරන් කුඹුුරු අක්කර 80,000ක්..

by Staff writer 30-11-2021 | 10:11 AM

COLOMBO (NEWS1ST) : බස්නාහිර පළාතේ පුරන් කුඹුුරු අක්කර 80,000ක් පමණ ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේ, එම ප්‍රමාණය දිවයිනේ අනෙක් පළාත්වල පුරන් කුඹුරුවලින් 50 % ක ප්‍රමාණයක් බවය. යල සහ මහ කන්නයේ පුරන් කුඹුරු අක්කර විසි හත්දහසක් පමණ යළි වගා කර තිබේ. මිනිස් ශ්‍රමය නොමැතිවීම, ජනතාව වගා කටයුතුවලින් ඉවත්වීම ආදී කරුණු හේතුවෙන් ඉඩම් පුරන් වී ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේ ය.