ගෑස් සිලින්ඩරයට ප්‍රමිතියක් නැද්ද?

පෝලිමෙත් ඉඳලා අරන් යන ගෑස් සිලින්ඩරයට ප්‍රමිතියක් නැද්ද?

by Staff Writer . 30-11-2021 | 10:01 PM

COLOMBO (NEWS1ST) : ගෑස් කාන්දුවීම් හා අනතුරු 10 කට වැඩි ප්‍රමාණයක් අද (30) දිනයේත් ඊයේ රාත්‍රියේත් රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.

ඊයේ රාත්‍රි 8.00 පමණ ගාල්ල, ඉමදූව දඩුවන ප්‍රදේශයේ නිවසක ගෑස් ගෑස් උදුන පුපුරා ගොස් තිබූ අතර සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවී ය. ඊයේ රෑ කෑම පිහමින් ඉන්නකොට , මම දුවට කිව්වා ළිප ඕෆ් කරලා එන්න කියලා. දුව එනකොට චට පට චට පට ගාලා පුපුරනවා. හිතා ගන්න බෑ මොකද වුණේ කියලා. මීරිගම, තිළිණගම ප්‍රදේශයේ නිවසකත් ඊයේ රාත්‍රී 8 ට පමණ ගෑස් උදුනක් පුපුරා ගොස් තිබිණ. නිවැසියා සිදුවීම මෙලෙස විස්තර කළේ ය. ගෑස් එක ගහලා මම එළියට ගියා.එළියට යන කොටම මේක පුපුරලා විසි වෙන සද්දේ ඇහුණා.මම ඇවිල්ලා බලනකොට මේක හැම තැනම විසිරිලා අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රීවරියක වන ඉන්ද්‍රා අයිරාංගනී මහත්මියගේ මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකත් ගෑස් උදුන පුපුරා ගොස් තිබුණේ, ඊයේ රාත්‍රී 10 ට පමණයි. නාගරික මන්ත්‍රිවරිය සිදුවීම මෙලෙස විස්තර කළා ය.
මට හිතා ගන්න බෑ මොකද වුණේ කියලා. මේ බලන්න උයපු කෑමෙවල වීදුරු කටු.අයියෝ දෙයියනේ මේ දැන් මොකද වෙන්නේ.
අද පෙරවුරවේ අතුරුගිරිය ඔරුවල්පිටි මවතේ නිවසක ද අද උදැසන 6.50 ට පමණ ගෑස් කාන්දුවක් නිසා පිපිරීමක් සිදුවී තිබේ. ගෑස් උදුන ගිනිගෙන විනාශ වී ඇති අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. බිබිල ළිඳකුඹුර ප්‍රදේශයේ ඊයේ රාත්‍රී ආපන ශාලවක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් සිදුව තිබූ අතර සිද්ධියෙන් ගෑස් උදුන විනාශ වී තිබුණි. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹූගොඩ ආර කුඩා බෝධීය අසල නිවසකත් අද තවත් ගෑස් පිපිරීම්ක් සිදුව තිබේ. එහිදී ගෑස් උදුණ පුපුරා ගොස් ඇති අතර කිසිවෙකුටත් හානි සිදුව නොමැත. අද ටීවී වන් ජාතික මෙහෙවරට එක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය  ජිනසේන හේවගේ මහතා මෙම අනතුරු පිළිබඳව මෙවන් මෙලෙස අදහස් පළ කළේ ය.
''අපි කොහොමද ගිහිල්ලා බලන්නේ අපි කාරණා දන්නේ නැත්නම්. මේ සිලින්ඩරේ කොහේවත් ගහලා තියෙනවා ද මේකේ තියන බියුටේන් කන්ටෙන්ට් එක, කිසිම දෙයක් නැහැ. කොහේවත් ගහලා තියෙනවාද මේකේ ටෙම්ප්‍රෙචර් එක, ලෝ ප්‍රෙෂර් එක මොකද්ද , හයි ප්‍රෙෂ්ර් එක මොකද්ද? එහෙම නම් රජය් ප්‍රමිතිකරණ ආයතනය නියෝගයක් දෙන්න ඕන. කොම්පැනිය ගෑස් කොන්ටෙන්ට් එක මාරු කරනවා. ඇතුලේ. රෙගියුලේටරේ මාරු කරවන්නේ නෑ. හරි විදියට නම් ඒක වෙන්න ඕනෙ. රටක වෙන්න ඕනේ ජනතාව තමයි මුල. ආරක්ෂාව කියලා කියන්නේ ජනතාවගේ ආරක්ෂාව,නැතුව මේ රටේ ආරක්සාව කියන්නේ මේ භූමියේ ආරක්ෂාව නෙමෙයි. විද්‍යාත්මක වහාම මේකට ක්ෂණික විසඳුමක් දෙන්න ඕනේ. රජයක් විසින් වහාම මැදිහත් වෙන්න ඕන. ජනතාව මේකට ප්‍රෙෂරයිස් කරන්න ඕනේ..''
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ පිළිබඳව අදහස් පළ කරමින් පැවුසවේ, මේ දක්වා නියාමනය සඳහා ආයතනයක් නොතිබීම පිළිබඳව සියලු දෙනාම ලැජ්ජාවට පත්විය යුතු බවයි.
''ඉතිහාසයේ මේක නියාමනය කරන්න ආයතනයක් තිබ්බෙ නෑ. ඒ නිසා අපි මේකට වග කියන්නේ නෑ .කියන ප්‍රාථමික බොළඳ ප්‍රකාශ කරනවා නෙවෙයි. මේක අපේ වගකීම අපි මේ ගැන හොයා බලන්න ඕනේ. සංයුතිය 70% 30% 50% 50 % ආදි වශයෙන් මේ ප්‍රොපේන්, බියුටේන්, වල නියාමනයක් මෙතෙක් කල් සිදුවෙලා නෑ. ඒ නිසා අපි කලබල නොවී මේ පැය 48 දිහා අපි අවධානයෙන් ඉමු.. මොරටුව විශ්ව විද්‍යාලයත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් රස පරීක්ෂකවරයාත් අදාළ අමාත්‍යාංශයත් එකට එකතු වෙලා මෙහි සැබෑ තත්ත්වය සහ විය යුතු දේ විය හැකි දේ කාරණා පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් රට හමුවේ තැබෙයි ඉදිරි පැය 48 දී කියලා අපි දැඩිව විශ්වාස කරනවා''
මේ අතර සමගි ජන බලාවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැමිණියේ ගෑස් ප්‍රමිතිය පිළිබඳව කරුණු විමසීම සඳහායි. මන්ත්‍රී කණ්ඩායමට ප්‍රමිති ආයතනයේ සභාපතිවරිය හමුවීමට අවස්ථාවක් නොලැබුණු අතර වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සමන්ති නාරංගොඩ මහත්මිය ඔවුන් සමග සාකච්ඡා කළා ය. පසුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙක් අත්සන් කළ ලියවිල්ලක් ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයිටභාර දුන්හ. මේ අතර එක්සත් ජාතික ස්ව්‍යං රැකියා ව්‍යාපාරිකයන්ගේ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. මේ අතර පසුගිය දිනක සිදුවූ ගෑස් පිපිරීමකින් අගතියට පත් මිලින්ද ප්‍රේමතිලක නමැත්තෙක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සහ පාරිභෝගික අධිකාරියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. පසුගිය දා සිදුවූ ගෑස් පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නී ය. මිලින්ද ප්‍රේමතිලක මහතා තම බිරිඳ පසුවන තත්ත්වය පිළිබඳව මෙලෙස සංවේදීව අදහස් පළ කළා ය.
''මේ තුළින් මගේ නෝනා යළි ප්‍රකෘත්ති තත්ත්වයට එන්නේ නෑ . නමුත් මේ රටේ සුවහසක් ගෘහනියන් හෙට දවසේත් කී දෙනෙක් මැරෙයිද කියලා දන්නෙ නෑ. මේකට සාධාරණයක් කරන්න. කනගාටුවට කාරණයක් තියෙනවා. මේ එකක් දෙකක් පිපිරුවට කමක් නෑ කියලා. මම ඇගිල්ල දික් කරලා කියනවා. ඒ දේශපාලනඥයට මම බය නෑ. තමුන්නාසේගේ බිරිඳට අද මේ තත්ත්වේ වුණා නම් මේ විදිමට පිච්චුණා නම් ඔලුව පිච්චිලා අත පය පිච්චිලා ,පපුව විතරයි බේරුණේ. ඒ තත්ත්වේ උදා වුණා නම් අද මේ එන කඳුලු ඔබ තුමාටත් එයි. එතකොට තමුන්නාසේට තේරෙයි ඔය දේශපාලනයේ හැකර කටින් කියන දේවල්''